පළමු ඉනිම  සඳහා ඉන්දියාවට ලකුණු 332ක්

පළමු ඉනිම සඳහා ඉන්දියාවට ලකුණු 332ක්

March 27, 2017   12:47 pm



ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන සිව් ටෙස්ට් තරඟයේදී පළමු ඉනිම සඳහා ලකුණු 332ක් ලබා ගැනිමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඊයේ(26) දිනයේදී ඉන්දිය කණ්ඩායමේ කඩුලු 06ක් ලකුණු 221ක බිද වැටුණ ද ජඩේජා සහ රිදිමාන් සහ අතර 07වන කඩුල්ල සදහා ලකුණු 96ක සබඳතාවක් ගොඩනගා ගත්තේය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ජඩේජා ලකුණු 63ක් පුජාරා ලකුණු 57ක් සහ රාහුල් ලකුණු 60ක් ලබා ගැනීමට සමත් විය.

 පන්දු යැවිමේදී නේදන් ලයන් කඩුලු 05ක් දවා ගත්තේය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 300ක් ලබා ගෙන ඇත.