දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි!
March 27, 2017 12:41 pm
දුම්රිය රියදුරන් අද(27) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළේය.
දුම්රිය රියදුරන්ගේ වැටුප් විශමතා ඉවත් කිරීම සඳහා හෙට(28) දිනයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා බවට ප්‍රවාහන අමාත්‍යවරයා දුම්රිය රියදුරන්ට පොරොන්දුවක් ලබා දී තිබේ.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට වූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළේය.