ඩෙංගු මර්දනයට කඩිනම් පියවර ගන්න

ඩෙංගු මර්දනයට කඩිනම් පියවර ගන්න

March 27, 2017   12:36 pm



ඩෙංගු මර්දනයට කඩිනම් පියවර ගන්නා ලෙස බල කරමින් උදම්මිට, මෝල හන්දිය ප්‍රදේශයේදී පිරිසක් විරෝධතාවයක නිරත වී තිබේ.
 
ජාඇල, උදම්මිට, මහවත්ත, රජ මාවත, කෘස්වත්ත ප්‍රදේශවල ජනතාව සීග්‍රයෙන් ඩෙංගු රෝගයට ගොදුරු වන බව විරෝධතාවයේ නිරත පිරිස් පෙන්වා දෙයි.
 
ප්‍රදේශයේ පවතින කර්මාන්ත ශාලාවලින් අපද්‍රව්‍ය බැහැර කිරිමේ කාණු පද්ධතිය විධිමත්ව සකස් නොකිරිම හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීම වැඩි වී ඇති බව ඔවුන් පවසයි.