බදු මුදල් කඩිනමින් අඩු කර ජනතාවට සහන දෙනවා

බදු මුදල් කඩිනමින් අඩු කර ජනතාවට සහන දෙනවා

March 27, 2017   12:34 pm



ජනතාවට පනවා ඇති බදු මුදල් කඩිනමින් අඩු කර ජනතාවට සහන ලබා දෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමතිවරයා  ලෙස සම්මාන ලැබීමෙන් අනතුරුව මුදල් අමාත්‍යංශයේ පැවැති උත්සවයකට එක්වෙමින් රවී කරුණානායක මහතා මෙම අදහස් පළ කළේය.

2017 වසරේ ආසියා ෆැසිපික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පිදුම් ලබා තිබේ.

ලොව ප්‍රධාන පෙළේ මූල්‍ය සඟරාවක් වන “ද බෑන්කර්“ සගරාව මගින් මෙම සම්මානය ප්‍රදානය සිදු කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

ද බැන්කර් සඟරා මූලස්ථානයේදී එහි ප්‍රධාන කර්තෘ බ්‍රියන් කැප්ලෙන් මහතා විසින් අමාත්‍යවරයාට මෙම සම්මානය ප්‍රදානය කර තිබේ.

නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාවේ රැගෙනයාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජීය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සහය ඇගයීමට ලක් කරමින් මෙම සම්මානය පිරිනමා ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.