දකුණු අප්රිකා නවසීලන්ත තෙවන තරඟය මේ වන විට පැවැත්වෙයි
March 27, 2017 11:34 am
සංචාරක දකුණු අප්රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්රිකට් තරඟය මේ වන විට හැමිල්ටන්හි සීඩන්පාක් ක්රීඩාංගණයේදී පැවැත්වේ.
තරඟයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්රිකානු කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් සිය ප්රමථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 314ක් ලබා ගත්තේය.
එහිදී දකුණු අප්රිඅකානු ඉනිම වෙනුවෙන් ක්වෙන්ටන් ඩි කුක් ලකුණු 90ක් ලබා ගත් අතර පන්දු යැවිමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් මැට් හෙන්ඩ් කඩුලු 04ක් බිද හෙලුවේය.
සිය ප්රථම ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින නවසීලන්ත කණ්ඩායම මීට ටික වේලාවකට පෙර එක් කඩුල්ලක් බිද වැටී ලකුණු 124ක් ලබා සිටියා.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ජෙට් රාවල් ලකුණු 52ක් ලබා සිටින අතර කේන් විලියම්සන් ලකුණු 21ක් ලබා සිටියි.
දැවී ගිය පිතිකරුවා වූ ටොම් ලැතැම් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් විය.