තේ ප්‍රවර්ධන කිරීමට පියවර

තේ ප්‍රවර්ධන කිරීමට පියවර

March 27, 2017   10:52 am



ශ්‍රී ලංකාව තුළ තේ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වන විට තේ මණ්ඩලය හරහා විදේශ රටවල තේ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබුණ ද මෙරට තුළ එවැනි කටයුතු සඳහා පියවර ගෙන නොමැති බවයි.

ඒ අනුව ඉදිරියේදී තේ මණ්ඩලය හරහා දිවයින පුරා ගුණාත්මක තේ වෙළෙඳසැල් ඇති කිරීමට කටයුතු කරන බව නවීන් දිසානායක මහතා සඳහන් කළේය.

 නුවරඑළිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් වැවිලි කාර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

තේ සඳහා වෙනත් ද්‍රව්‍ය  මිශ්‍ර කිරීම තුළින් තේ අපවිත්‍රවීම හරහා තේ මිල පහලයාමේ තත්ත්වයක් මතුව ඇති බැවින් එය වැලැක්වීමට දැඩිව කටයුතු කරන බවයි.