තැපැල් සේවය ලාභ උපයන සේවාවක් බවට පත්කරනවා

තැපැල් සේවය ලාභ උපයන සේවාවක් බවට පත්කරනවා

March 27, 2017   10:38 am


ශ්‍රී ලංකා තැපැල් සේවය ලාභ උපයන සේවාවක් බවට පත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව තැපැල් අමාත්‍ය එච්.එම්.ඒ. හලීම් මහතා පවසයි.

මෙරට ක්‍රියාත්මක කෙරෙන අනෙකුත් සේවාවන්වලට සාපේක්ෂව තැපැල් සේවාව ඉතා සුවිශේෂී සේවාවක් බව අමාත්‍යවරයා පවසයි.

මහනුවර ප්‍රදේශයේ පැවැති උත්සවයට එක්වෙමින් තැපැල් අමාත්‍ය එච්.එම්.ඒ. හලීම් මහතා මෙම අදහස් පළ කළේය.

කෙසේ වෙතත් තැපැල් දෙපාර්තමේන්තුව ලාභ උපයන සේවාවවක් නොව මහජනතාවට සේවාවක් ඉටුකරන දෙපාර්තමේන්තුවක් බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.