බලපිටිය මහා අධිකරණ හොරු කඩයි-කිසිම නඩු ගොනුවක් අරන් ගිහින් නෑ

බලපිටිය මහා අධිකරණ හොරු කඩයි-කිසිම නඩු ගොනුවක් අරන් ගිහින් නෑ

March 27, 2017   10:35 am



බලපිටිය මහා අධිකරණයේ ලේඛනාගාරය සොරුන් බිඳ ඇති බවට අම්බලන්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණ සිදුකරන බව වාර්තාවේ.

පොලිස් මූලස්ථානය මඟින් අද(27) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ නඩු ගොනු අවුස්සා ඇතත් කිසිදු නඩු ගොනුවක් අඩු වී නොමැති බව ලේඛනාගාරය බාරව සිටින නිලධාරියා ප්‍රකාශකර ඇති බවය.

ඊයේ(26) රාත්‍රීයේ මෙලෙස ලේඛනාගාරයට ඇතුළු වී නඩු ගොනු අවුස්සා ඇති අතර පොලිස් නිල සුනඛයන් යොදා ගෙන සොදිසි මෙහෙයුම් සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එමෙන්ම අද(27) දින අධිකරණ කටයුතු සාමානය පරිදි සිදු වූ බවද වාර්තාවෙයි.