වව්නියා බන්ධනාගාරයේ  රැඳවියෙක් මියගිහින්

වව්නියා බන්ධනාගාරයේ රැඳවියෙක් මියගිහින්

March 27, 2017   10:22 am



මෝටර් රථයකට අලාභහානි සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වව්නියාව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවූවෙකු මියගොස් තිබේ.

සැකකරු පසුගිය 08 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය පැවසුවේය.

අදාළ සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙකි.

මෘත ශරීරය වව්නියාව රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතය.