ඇළ මාර්ගයෙන් බෝම්බ-බෝම්බ ෆියුස් මතුවෙයි
March 27, 2017 10:16 am
පුදුකුඩිඉරිප්පු, නෙත්තලිආරු ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී අත්බෝම්බ සහ බෝම්බ ෆියුස් සොයාගෙන තිබේ.
කිලිනොච්චි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරක් මත සිදු කළ සෝදියකදී අදාළ බෝම්බ තොගය සොයාගත් බව වාර්තා වෙයි.
එහිදී ඇළ මාර්ගයේ ඉවුරේ උරයක තිබූ අත්බෝම්බ 14ක් සහ බෝම්බ ෆියුස් 12ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
අදාළ බෝම්බ පොලිස් විශේෂ කාර්යය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කර ඇති බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.