කොටුව-මරදාන දුම්රිය ප්‍රමාදයි

කොටුව-මරදාන දුම්රිය ප්‍රමාදයි

March 27, 2017   07:19 am


කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවන කටයුතු ප්‍රමාදවන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසයි.

තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව බලා පැමිණි දුම්රියක් යළි මරදාන දුම්රිය ධාවනාගාරය දක්වා ගමන් කරමින් සිටියදී මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමකට ලක්විය.

මේ හේතුවෙන් දුම්රිය මාර්ග දෙකකට හානි සිදු වූ බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වන විට පීලිපැනීමට ලක්වූ දුම්රිය පීලිගත කර අවසන් අතර හානි වූ දුම්රිය මාර්ග පිළිසකර කරමින් පවතින බව වාර්තා වේ.

මේ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය වැඩිදුරටත් කියා සිටියි.