එකක් එලොව යයි
March 26, 2017 09:34 am
වෙල්ලාවලි බකිනිඇල්ල මාර්ගයේ නෙල්ලිකඩුව ප්රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මීගවයෙකු යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු කලවංචිකුඩි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා මඩකළපුව රෝහලට මාරුකර යවා තිබේ.
එහිදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ නෙල්ලිකඩුව ප්රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි අයෙකි.
පශ්චාත් මරණ පරීක්ෂණය අද(26) සිදුකිරීමට නියමිත අතර වෙල්ලාවලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.