ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව එකඟතාවකින් කටයුතු කිරීමට පියවර
March 26, 2017 09:30 am
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප්‍රේල් මාසයේ සිට නව එකඟතාවන් අනුව කටයුතු කිරීමට තීරණය කර තිබේ.
කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නිලධාරී මට්ටමේ එකඟතාවන්ට පැමිණීමට දෙපාර්ශවය තිරණය කර ඇති බව වාර්තාවේ.
මේ වන විටත් ශ්‍රී ලංකාව මූල්‍ය කළමනාකරණය පිළිබද තීරණ කිහිපයක් ගෙන ඇති අතර නව ආදායම් බදු නීතියක් හඳුන්වාදීමට පියවර ගැනීම ද ඒ අතර වේ.
එමෙන්ම මුදල් අමාත්‍යාංශය සහ තවත් අමාත්‍යාංශ කිහිපයක් අතර ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පසුගියදා අවබෝධතා ගිවිසුම්වලට ද එළඹුණි.
මේ අතර ලබන ජුනි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට තවත් ණය අරමුදලක් ලබාදීමට නියමිතය.
ශ්‍රී ලංකාව සිය විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම පහකින් ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරයි.