ග්‍රෙගරි වැවේ කාන්තා මළ සිරුරක්

ග්‍රෙගරි වැවේ කාන්තා මළ සිරුරක්

March 26, 2017   09:25 am



නුවරඑළිය ග්‍රෙගරි වැවේ තිබී පාසල් සිසුවියකගේ මළසිරුරක් සොයාගෙන තිබේ.

නුවරඑළිය පොලීසියට ලද තොරතුරක් මත මළ සිරුර සොයාගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ නුවරඑළිය මාගස්තොට හංදිය  ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවියකි.

ඇය පසුගිය 24 වැනිදා රාත්‍රියේ  ‍තමන් සියදිවි හානිකරගන්නා බවට ලිපියක් ලියා තබා නිවසින් පිටව ගොස් ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මෘත දේහය ඥාතීන්ට භාරදී ඇති අතර නුවරඑළිය පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරයි.