ජනපති යළි දිවයිනට
March 26, 2017 08:14 am
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු සංචාරය අවසන් කර යළි දිවයිනට පැමිණියේය.
ඒ ඊයේ(25) පස්වරුවේ දීය.
දින තුනක කාලයක් ජනාධිපතිවරයා රුසියාවේ සංචාරය කළා.
60 වසරක රුසියානු - ශී‍්‍ර ලංකා සබඳතා තවත් ඉදිරියට ගෙන යාමට මිත්‍රත්වය සහ සුහදතාවය වර්ධනය කර ගනිමින් මෙම සංචාරය නිමා වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
වසර 43ක ට පසුව ශී‍්‍ර ලාංකීය රාජ්‍ය නායකයෙකුට රුසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව මෙයවේ.