පැහැර ගැනීමකට සම්බන්ධ 5ක් අල්ලයි

පැහැර ගැනීමකට සම්බන්ධ 5ක් අල්ලයි

March 25, 2017   05:07 pm



කැළණිය ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් කැළණිය ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඇති බවට ලද තොරතුරක් මත සිදු කළ සෝදිසියකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී පැහැරගැනිමට යොදා ගත් ත්‍රිරෝද රථය සහ පැහැරගන්නා ලද පුද්ගලයා ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ප්‍රේම සම්බන්ධතාවක් මත සිදු වූ ආරවුලක් මත අදාළ පැහැරගැනිම සිදුව ඇති බවට පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද(25) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.