අනතුරින් 1ක් මිය යයි

අනතුරින් 1ක් මිය යයි

March 25, 2017   05:04 pm



අනුරාධපුර තඹුත්තේගම ප්‍රධාන මාර්ගයේ ජයගඟ හන්දිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මාර්ගය හරහා ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෑන්  රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරින් බරපතල තුවාළ ලැබූ අදාඝ පුද්ගලයා තලාව රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ ගඟසිරිපුර, මුදුනේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතිඅතර තලාව පොලීසිය මේ පිළීබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.