රුසියානු සබඳතා ඉදිරියට ගෙනයාම මාගේ අරමුණයි

රුසියානු සබඳතා ඉදිරියට ගෙනයාම මාගේ අරමුණයි

March 25, 2017   10:15 am



රුසියානු සබඳතා ඉදිරි සියවස සඳහා ඉදිරියට ගෙනයාම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පවසන්නේ තම රුසියානු සංචාරය වත්මන රජය අනුගමනය කරන ප්‍රතිපත්ති වල ශක්තිමත්භාවය තහවුරු කරන්නක් බවය.

තම රජය බටහිරට පමණක් නැඹුරුතාවක් දක්වන බවට ඇතැම් පිරිස් සිදුකරන විවේචන මෙම සංචාරය මඟින් අහෝසි වී යනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

රුසියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් හමුවූ අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය අධ්‍යාපන, කෘෂිකර්ම, සංචාරක, බලශක්ති ආදී ක්ෂේත්‍රවයන්ට අදාළ සහයෝගය ලබාදීමට රුසියානු ජනාධිපතිවරයා එකඟ වූ බවද  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පැවසුවේය.