කුලී ගමනක් යන මුවාවෙන් ගිහින් තුන්රෝද රිය පැහැරගත් 3ක් දැලේ

කුලී ගමනක් යන මුවාවෙන් ගිහින් තුන්රෝද රිය පැහැරගත් 3ක් දැලේ

March 24, 2017   12:52 pm



කුලී ගමනක් යන මුවාවෙන්  ත්‍රීරෝද රථයක් රැගෙන ගොස් අතරමඟදී රියදුරුට පහරදී ත්‍රීරෝද රථය පැහැරගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තඹුත්තේගම - ගල්නෑව මාර්ගයේ කලාඹය පාළම අසලදී අද(24) අළුයම ත්‍රීරෝද රථය පැහැර ගැනීමට ලක්වූ බවට රියදුරු පොලීසියට දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

 වහාම ක්‍රියාත්මක වූ තඹුත්තේගම පොලීසිය සැකකරුවන් ත්‍රීරෝද රථය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරාදූව සහ කඹුරුපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු සහ මල්වාන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බව පොලීසිය පැවසුවේය.