මලයාසියාවේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක දඩ කයි

මලයාසියාවේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක දඩ කයි

March 24, 2017   12:35 pm



ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පිළිබඳ චැනල් ෆෝ නාලිකාවේ කැලම් මැක්රේ විසින් සකස් කරන ලද ‘නෝ ෆයර් සෝන්‘ වාර්තා වැඩසටහන මලයාසියාවේ ප්‍රදර්ශනය කළ මානව හිමිකම් ක්‍රියාකාරිනියකට එරට අධිකරණයක් විසින් දඩ නියම කර තිබේ.

අදාළ වාර්තා වැඩසටහන මලයාසියාවේ ප්‍රදර්ශනය එරට චිත්‍රපට සංස්ථාව විසින් තහනම් කර තිබුණි.

එම තහනම නොතකමින් නෝ ෆයර් සෝන් වාර්තා වැඩසටහන 2013 වසරේ සැප්තැම්බර් මස 9 වැනිදා මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ලිනා හෙන්ඩ්රිබ නැමැති කාන්තාව විසින් ක්වාලාලම්පූර්හිදී ප්‍රදර්ශනය කර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ඇයට එරෙහිව ක්වාලාලම්පූර් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණි.

එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අදාළ චෝදනාවට ඇය වරදකරු බවට නිගමනය කළ අධිකරණය අමෙරිකානු ඩොලර් 2260ක දඩයක් නියම කර ඇති බව මලයාසියානු මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය පිළිබඳ 2013 වසරේ දී චැනල් ෆෝ නාලිකාවේ කැලම් මැක්රේ විසින් අධ්‍යක්ෂණය කරන ලද නෝ ෆයර් සෝන් වාර්තා වැඩසටහන ප්‍රදර්ශනය රටවල් කිහිපයක තහනම් කර කෙරුණි.