පොලී අනුපාතික අද සිට ඉහළ යයි

පොලී අනුපාතික අද සිට ඉහළ යයි

March 24, 2017   12:16 pm


ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු සමඟ ගණුදෙනු කරන පොලී අනුපාතික ඉහළ නංවා තිබේ.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී  ලංකා මහ බැංකුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේය.

ඒ අනුව ස්ථාවර තැන්පත් පොලී අනුපාතිකය සියයට 7.25 දක්වා ද ස්ථාවර ණය පොලී අනුපාතිකය සියයට 8.75 දක්වා ද ඒකක 25කින් ඉහළ නංවා තිබේ.

අදාළ සංශෝධනය අද (24) සිට ක්‍රියාත්මකය.