කේරළ ගංජා සමඟ 1ක් මාට්ටු

කේරළ ගංජා සමඟ 1ක් මාට්ටු

March 24, 2017   10:53 am


වව්නියාව, පුලියන්කුලම් මංසන්දිය ප්‍රදේශයේ කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වව්නියාව සුරාබදු කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

එහිදී සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 25ක් සුරාබදු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

සැකකරු වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අද(24) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ප්‍රධාන ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා වව්නියාව සුරාබදු කාර්යාලය මෙහෙයුම් ආරම්භ කර තිබේ.