පූජිත් එන තෙක් වික්‍රමරත්න වැඩ බලයි

පූජිත් එන තෙක් වික්‍රමරත්න වැඩ බලයි

March 24, 2017   10:26 am



වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කර තිබේ.

පොලිස්පති ජූජිත් ජයසුන්දර මහතා මැලේසියාව බලා පිටත්ව ගොස් ඇති බැවින් වැඩ බලන පොලිස්පති ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කර ඇති බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේය.

210 වන රාජකීය මැලේසියානු පොලිස් දින සැමරීමේ වැඩමුළුවට සභාගීවීම සඳහා අද(24) උදෑසන පොලිස්පති ජූජිත් ජයසුන්දර මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

එම වැඩමුළුවට දින 04ක් පුරා පැවැත්වීමට නියමිත බව පොලිස් මූලස්ථානය පැවසුවේය.