විමල්ගේ ඇප ඉල්ලුම ප්‍රතික්ෂේපයි

විමල්ගේ ඇප ඉල්ලුම ප්‍රතික්ෂේපයි

March 21, 2017   10:42 am



රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඇප ලබා දීම  කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

තමාට ඇප ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව  විමල් වරවංශ මන්ත්‍රීවරයා විසින් කොළඹ මහාධිකරණයට ඇප අයඳුම්පතක් ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් අදාළ ඇප අයඳුම්පත සලකා බැලූ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා පෙන්වා දී ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය පවත්නා නීතියට අනුව ලබා දී ඇති බවය.

ඒ අනුව  විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ඇප අයඳුම්පත ප්‍රතික්ෂේප කරන බව මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දී තිබේ.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.