වීසා නැතිව මෙරට රැඳී සිටි 2ක් අල්ලයි

වීසා නැතිව මෙරට රැඳී සිටි 2ක් අල්ලයි

March 21, 2017   10:08 am


වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් දෙදෙනෙකු වැලිගම, මිරිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිගම  පොලීසියට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඔවුන් විසින්  මෙරට පච්චා කෙටීමේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගොස් තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි සහ 30 හැවිරිදි රුසියානු ජාතිකයින් දෙදෙනෙකි.

අදාළ විදේශිකයින් දෙදෙනා අද(21) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.