හෙරොයින් සමඟ 1ක් අල්ලයි
March 21, 2017 09:08 am
හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු තලංගම ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ.
එහිදී ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 47යි මිලිග්රෑම් 880ක් පොලීසිය බාරයට ගෙන තිබේ.
සැකකරු 23 හැවිරිදි තලංගම ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.