දේශපාලන පක්ෂවල මූල්‍ය වාර්තා ලැබෙයි
March 21, 2017 08:03 am
තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ඉල්ලා සිටි දේශපාලන පක්ෂවල මූල්‍ය වාර්තා මේ වන විට ලැබී ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.
එම ආයතනයේ කළමණාකාරිනී සංකිතා ගුණරත්න මහත්මිය සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ පක්ෂවල මූල්‍ය වාර්තා ලබා දී ඇති බවය.
තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ පසුගිය පෙබරවාරි මස 07 වන දින ප්‍රධාන දේශපාලන පක්ෂවල 2012 වසරේ සිට 2016 වසර දක්වා මූල්‍ය වාර්තා ලබාදෙන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව ඊට අදාළ තොරතුරු මේ වන විට ලැබී ඇති බව සංකිතා ගුණරත්න මහත්මිය සඳහන් කළේය.