කීත් නොයාර් සිද්ධියට සම්බන්ධ හමුදා බුද්ධි අංශයේ අයෙක් අල්ලයි
March 21, 2017 07:56 am
මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ(20) රාත්‍රී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවය.
2008 වසරේ මැය මස 22 වන දින දෙහිවල ප්‍රදේශයේ කීත් නොයාර් මහතාගේ නිවස ඉදිරිපිට දී වෑන් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් ගිනි අවි පෙන්වා පහරදී ඔහුට තුවාල සිදුකර තිබුණි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම යුධ හමුදා කෝප්‍රල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි වෑගොව්ව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර ඔහු අද(21) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම පහරදීම සම්බන්ධයෙන් මීට පෙර ද හමුදා සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.