ලොව සතුටින්ම සිටින රට ලෙස නෝර්වේ නම් වෙයි
March 20, 2017 10:06 pm
ලොව සතුටින්ම සිටින වැසියන් වෙසෙන රට වශයෙන් නොර්වේ රාජ්‍යය නම් කර තිබේ .
අද (20)යෙදෙන ජාත්‍යන්තර සතුටු දිනය නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ස්විට්සර්ලන්තය, පින්ලන්තය, නෙදර්ලන්තය, කැනඩාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ ස්විඩනය එම දර්ශකයේ පෙරමුණේ පසුවෙයි.
රටවල් 155ක් අතරින් ශ්‍රී ලංකාව 120 වන ස්ථානයට පත්ව ඇත අතර පෙර වසරේදී ශ්‍රී ලංකාවට 117 වන ස්ථානය හිමිව තිබේ.
ලොව සතුටින් අඩුම වැසියන් වෙසෙන රට ලෙස බුරුන්ඩි රාජ්‍ය නම් කර අැත.