ලොග්ගල් ඔයෙන් මළ සිරුරක් හමුවෙයි

ලොග්ගල් ඔයෙන් මළ සිරුරක් හමුවෙයි

March 20, 2017   09:11 pm

මහියංගනය ලොග්ගල් ඔයේ තිබී පුද්ගල මළසිරුරක් හමුවී අැති බව වාර්තාවේ.

මෙම මළ සිරුර පසුගියදා නුවරඑළියේ දී අතුරුදන් වු ව්‍යාපාරිකයාගේ බවට හඳුනාගෙන තිබේ.

 පොලීසිය සඳහන් කළේ ලොග්ගල ඔයේ මළ සිරුරක් ඇති බවට ලැබුනු තොරතුරකට අනුව ඊයේ(20) පස්වරුවේ අදාළ මළ සිරුර සොයාගත් බවය.

එම මළ සිරුර පසුගිය සෙනසුරාදා දිනයේ සිට අතුරුදන්ව සිටි එළවළු ව්‍යාපාරිකයාගේ බවට ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ.

 මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධෙයන් මහියංගනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.