බස්නායක නිලමේගේ ගෙදරින් ඇත් දළ මතුවෙයි

බස්නායක නිලමේගේ ගෙදරින් ඇත් දළ මතුවෙයි

March 20, 2017   06:38 pm

මහනුවර, කතරගම දේවලායේ බස්නායක නිලමේ වන ගැමුණු බණ්ඩාර වලිසුන්දර මහතාගේ නිවසේ තිබී ඇතෙකුගේ අස්ථි කොටස්වලින් නිර්මාණය කරන ලද ඇත් දළ යුවළක් හමුවී තිබේ.

එහි එකක උස අඩි දෙකයි අඟල් 7ක් පමණ වන බවත්, මෙම ඇත් දළ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ භාරයට ගත් බවත් අද දෙරණ වාර්තාකරු පවසයි.

අද (20) පෙරවරුවේ වනජීවි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඔවුන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.