යතුරුපැදියකින් ඇවිත් මුදල් කොල්ලකාලා

යතුරුපැදියකින් ඇවිත් මුදල් කොල්ලකාලා

March 20, 2017   05:02 pm



මිද්දෙණිය, අඹගස්ආර හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මුදල් කොල්ල කා පලාගොස් තිබේ.

පොලීසිය පැවසුවේ කටුවන නගරයේ ඉන්ධන පිරවුම්හලක කළමනාකරුවෙකු මුදල් රැගෙන මිද්දෙණිය දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ මුදල් රැගෙන පලාගොස් ඇති බවයි.

සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.