ආණ්ඩුව නිසා සතුටට පත් කිසිවෙක් නැහැ

ආණ්ඩුව නිසා සතුටට පත් කිසිවෙක් නැහැ

March 20, 2017   04:32 pm

වත්මන් ආණ්ඩුව පිළිබඳ සතුටට පත්වෙන කිසිවෙකු නැතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 

ඊයේ (19) පස්වරුවේ බොරුල්ලේ පැවති ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ රැස්වීමකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය. 

වත්මන් ආණ්ඩුව නිසා වැඩියෙන්ම කනගාටුවට පත්ව ඇත්තේ මුස්ලිම් හා දෙමළ ජනතාව ඇතුළු හංසයාට ඡන්දය දුන් පිරිස බව ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩි දුරටත් පැවසීය.