විදේශ අමාත්‍යවරයා බබෙක් වගේ හැසිරෙනවා

විදේශ අමාත්‍යවරයා බබෙක් වගේ හැසිරෙනවා

March 20, 2017   03:43 pm

ජීනිවාහිදී අධිකරණ යාන්ත්‍රණයක් සඳහා විශේෂ උපදේශක කාර්ය මණ්ඩලය විදේශ විනිසුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතු බවට විදෙස් අමාත්‍ය මංගල සමරවීර මහතා තම එකඟත්වය ප්‍රකාශ කර රට අභ්‍යන්තරයේ එයට ඔහුගේ විරුද්ධත්වය පළ කිරීමෙන් අද වන විට කුඩා දරුවෙක් බවට පත්ව ඇතැයි සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ රාජා කොල්ලුරේ මහතා පවසයි.

අද (20) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා පරස්පර විරෝධී මත දරන බවත් ඔහු වෙනත් ආයතනවල අවශ්‍යතාවය අනුව ක්‍රියාකරන බවට සැක මතු වන බවත් කොල්ලුරේ මහතා වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් අද වන විට රජය ණය ගෙවීම් සම්බන්ධයෙන් ජාතික සම්පත් විකිණීමේ කර්තව්‍යයකට යොමු ව ඇති බවත් මුදල් අමාත්‍යවරයා මේ බව පවසමින් ජනතාව බිය වද්දමින් රාජ්‍ය දේපළ සියල්ල පෞද්ගලීකරණයට නතු කරමින් සිටින බවටත් කොල්ලුරේ මහතා චෝදනා කර සිටියේ ය.