නාරගල පාළම යටින් මළ සිරුරක් මතුවෙයි
March 20, 2017 03:15 pm
හොරණ - බුලත්සිංහල ප්‍රධාන මාර්ගයේ නාරගල පාළම යට තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත අදාළ මළ සිරුර සොයාගත් බව පොලීසිය පැවසුවේය.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නැත.
මෘත ශරීරය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද(20) සිදු කිරීමට නියමිත අතර බුලත්සිංහල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.