නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියට ගිනි තියලා

නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියට ගිනි තියලා

March 20, 2017   01:07 pm



වව්නියාව, ඕමන්ත, විලක්කුවයිත්තිකුලම ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබේ.

යතුරුපැදිය නිවස ඉදිරිපිට නවතා නිවැසියන් රාත්‍රියේ නිදා සිටියදී කිසියම් පිරිසක් යතුරුපැදියට ගිනි තබා ඇති බව වාර්තා වෙයි.

ගින්නෙන් යතුරුපැදිය සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.