ඉන්දීය- ඔස්ට්‍රේලියා තරඟයේ වැඩි වාසිය ඉන්දියාවට

ඉන්දීය- ඔස්ට්‍රේලියා තරඟයේ වැඩි වාසිය ඉන්දියාවට

March 20, 2017   12:53 pm




ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ වැඩි වාසි අත්කර ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත්ව තිබේ.

තරඟයේ අවසන් දිනය වන අද (20) දිවා භෝජනය සඳහා තරඟය නතර කරන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන ඉනිම සඳහා කඩුලු 04ක් දැවී ලබා ගෙන ඇත්තේ ලකුණු 83ක් පමණයි.

ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමේ කඩුලු 09ක් දැවී ලකුණු 603ක් ලබා ගත් අතර ඔස්ට්‍රේලියානුවන් පළමු ඉනිමේදී සියලු දෙනා දැවී ලකුණු 451ක් ලබා ගත්තේය.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 69ක් පසු පසින් සිටියි.