උතුරු කොරියාවේ රොකට් අත්හදා බැලීම ගැන එකඟතාවක්
සයුරෙන් එතෙර

උතුරු කොරියාවේ රොකට් අත්හදා බැලීම ගැන එකඟතාවක්

March 20, 2017   12:46 pm



උතුරු කොරියාවේ රොකට් අත්හදා බැලීම සම්බන්ධයෙන් ඒකාබද්ධව කටයුතු කිරිමට අමෙරිකාව සහ චීනය එකඟතාව පළ කර තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් විසින් මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති බව වාර්තා වේ.

 මේ වන විට චීනයේ සංචාරයක නිරත වන අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, චීන ජනාධිපතිවරයා සමග මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

 මේ අතර ඊයේ(19) උතුරු කොරියාව විසින් නව රොකට්ටුවක් අත්හදා බැලීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ උතුරු කොරියානු නායකයාගේ ක්‍රියාකාරකමි ඉතා නරක තත්ත්වයට පත්ව ඇති බවය.