අඩු ආදායම්ලාභීන්ට අධිකරණ සහන ලබාගැනීමට ඇති බාධා මඟහරවනවා

අඩු ආදායම්ලාභීන්ට අධිකරණ සහන ලබාගැනීමට ඇති බාධා මඟහරවනවා

March 20, 2017   12:34 pm



අඩු ආදායම්ලාභීන්ට අධිකරණයෙන් සහන ලබාගැනීම සඳහා පවතින බාධා මඟහැරවීම ඇතුළු  ගැටළු නිරාකරණය සඳහා කටයුතු කරන බව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා පවසයි.

වැලිගම්පිටිය, ශාන්ත ආනා දේවස්ථානයේ ඊයේ(19) පැවැති ආශිර්වාද දේව මෙහෙයකට එක්වීමෙන් පසු අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේ අධිකරණය මුහුණපාන ගැටළු නිරාකරණය කිරීම සඳහා සියලු පාර්ශවවල සහය අවශ්‍ය බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේ තනතුරු ලබා ගැනීම සඳහා කිසිඳු පාර්ශවයකගේ අනියම් සහය ලබා ගැනීමට, තමා කටයුතු නොකළ බවය.