අපිරිසිදු ආණ්ඩුවක නායකයෙකු වීමට ජනපතිට අවශ්‍යතාවක් නෑ

අපිරිසිදු ආණ්ඩුවක නායකයෙකු වීමට ජනපතිට අවශ්‍යතාවක් නෑ

March 20, 2017   12:06 pm




අපිරිසිදු ආණ්ඩුවක නායකයෙකු වීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවක් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවට එරෙහිව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් වහාම පරික්ෂණ පවත්වා දඩුවම් ලබාදිය යුතු බවය.

වලස්මුල්ල, විතාරන්දෙණිය ප්‍රදේශයේ පැවැති ජන  හමුවකට එක්වෙමින් මහින්ද අමරවීර මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

මේ අතර නාකුළුගමුව ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ වසර අවසානයේදී ඡන්ද කිහිපයක්ම පැවැත්වෙනු ඇති බවය.

කෙසේ  වුවද පාර්ලිමේන්තු මන්ත්‍රී  රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ 2019 වසර අවසන් වන තෙක් මැතිවරණ පැවැත්වීමේ සූදානමක් ආණ්ඩුවට නොමැති බවය.

මේ අතර මෙරට සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීළඟ නොබෙල් සාම ත්‍යාගය හිමි වන බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පවසයි.

මැදිරිගිරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සම්මේලනය අමතමින් පේෂල ජයරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.