ආරවුලක්  නිසා 7ක් රෝහල් ගත කරයි

ආරවුලක් නිසා 7ක් රෝහල් ගත කරයි

March 20, 2017   11:14 am



මඩකලපුව, ආරයම්පදි කර්බලා ප්‍රදේශයේ නිවසක ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

එම නිවසේ මියගිය කාන්තාවකගේ දේහය තැන්පත් කර තිබූ අතර අවමංගල්‍ය  කටයුතු සඳහා පැමිණි මියගිය කාන්තාවගේ දරු මුණුබුරන් අතර ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.

අදාළ මරණය සැකසහිත බව එක් පාර්ශවයක් පැවසීම හේතුවෙන් ගැටුම හටගෙන තිබේ.

එහිදී තියුණු ආයුධවලින් පහරදීම් සිදුව ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූවන් අතර ගර්භනී කාන්තාවක් ද සිටින අතර බරපතල තත්ත්වයේ පසු වූ එක් අයෙකු ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

සෙසු පිරිස මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.