Back to Top

  කේරළ ගංජා සමඟ 1ක් අල්ලයි

AdaDerana Ad

කේරළ ගංජා සමඟ 1ක් අල්ලයි

March 20, 2017  10:08 am

Bookmark and Share


වව්නියාව ප්‍රදේශයේදී කේරළ ගංජා තොඟයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වව්නියාව පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

එහිදී සැකකරු සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 700ක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

සැකකරු කිලිනොච්චිය ප්‍රදේශයේ සිට තැරැව්කරුවන් මාර්ගයෙන් කේරළ ගංජා රැගෙනවිත් තදාසන්න ප්‍රදේශවල බෙදාහැරීමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු අද (20) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වව්නියාව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.