ප්‍රේම සම්බන්ධය මරණයෙන් කෙලවරවෙයි
March 20, 2017 10:03 am
අවිස්සාවේල්ල, යාහැල්ලවත්ත, කුඩාගම පාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණියක ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ කලක සිට පැවති ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පෙම්වතා විසින් අදාළ තරුණියට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි.
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ තරුණිය අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ බලංගොඩ, සියඹලාගස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණියකි.
ඝාතනය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද(20) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.