Back to Top

යකඩ යකාට 1ක් බිලි

යකඩ යකාට 1ක් බිලි

March 20, 2017  09:41 am

Bookmark and Share


මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් අදාළ අනතුර සිදුව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

අනතුරින් මියගොස් ඇත්තේ මහව ප්‍රදේශයේම පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත අතර මහව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
 


MOST VIEWED VIDEO STORIES