ඔස්ට්‍රේලියාව හා ඉන්දීයව අතර තුන්වන ටෙස්ට් තරඟයේ 5වන දිනය අද

ඔස්ට්‍රේලියාව හා ඉන්දීයව අතර තුන්වන ටෙස්ට් තරඟයේ 5වන දිනය අද

March 20, 2017   08:45 am



සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පස් වන සහ අවසන් දිනය අදය.

ඊයේ(19) දිනයේ තරඟය නතර කරන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 02ක් බිදවැටී ලකුණු 23ක් ලබා සිටියේය.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර ඔවුන් පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 451ක් ලබා ගත්තේය.

එහිදී ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 178ක් සහ ග්ලේන් මැක්ස්වල් ලකුණු 104ක් ලබා ගත්තේය.

ඊට පිළිතුරු ලෙස ඉන්දිය කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා කඩුලු 09ක් බිදවැටී ලකුණු 603ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලබා දුන්නේය.

ඉන්දිය පළමු ඉනිම වෙනුවෙන් චේතීස්වර් කුජාරා ලකුණු 202ක් ලබා ගත්තේය.