දමස්කස් අගනුවර ආසන්නයේ දරුණු ගැටුම්
සයුරෙන් එතෙර

දමස්කස් අගනුවර ආසන්නයේ දරුණු ගැටුම්

March 20, 2017   08:40 am



සිරියානු හමුදා සහ කැරලිකරුවන් අතර දමස්කස් අගනුවර ආසන්නයේ දරුණු ගැටුම් හටගෙන තිබේ.

ඊයේ (19)දිනයේ සිට මේ දක්වාත් ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජෝබාර් දිස්ත්‍රීක්කයට කාලතුවක්කු සහ ෂෙල් ප්‍රහාර එල්ල කර ඇති අතර මරාගෙන මැරෙන ප්‍රහාර සහ කාර් බෝම්බ පිපිරීම් කිහිපයක් ද සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිරියානු මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසා ඇත්තේ අදාළ ගැටම්වලදී ගුවන් ප්‍රහාර 30කට අධික සංඛ්‍යාවක් එල්ල වී ඇති බවය.