ඩෙංගු නිසා වැසුණු පාසල් අද විවෘතවෙයි
March 20, 2017 08:05 am
ඩෙංගු රෝග ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු ත්‍රීකුණාමලය කින්නියා අධ්‍යාපන කලාපයට අයත් පාසල් අද (20) යළි විවෘත කිරීමට නියමිතය.
ඩෙංගු රෝග ව්‍යාප්තිය හේතුවෙන් අදාළ කලාපයේ පාසල් 66ක් තාවකාලිකව වසා දැමීමට තීරණය කළේය.
ඒ අනුව වසා දැමුණු සියලු පාසල් අද(20) දිනයේ යළි ආරම්භ කෙරෙන බව කින්නියා කලාප අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේය.
කින්නියා ප්‍රදේශයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති අතර පාසල් ළමුන් තිදෙනෙකු ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගොස් තිබේ.
තවත් පාසල් ළමුන් කිහිප දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
කෙසේ වෙතත් මේ වන විට දුමායනය කටයුතු සහ අනෙකුත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව සෞඛ්‍ය බලධාරින් සඳහන් කළේය.
අලුතින් බඳවා ගැණුනු ඩෙංගු මදුරු මර්දන සහයකයින් 100 දෙනෙකු ද අදාළ ප්‍රදේශයේ මදුරු මර්දන කටයුතු සඳහා අද(20) දිනයේ සිට අනුයුත්ත කර තිබේ.
මේ අතර මෙම වසරේ ගත වු මාස තුන තුළ පමණක් දිවයිනේ සියලුම ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් 21,116 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අතරින් සියයට 42කට ආසන්න පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව ඔවුන් පෙන්වා දෙයි.
ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් දස දහස් 427 දෙනෙකු පෙබරවාරි මාසයේ 8,164 දෙනෙකු සහ මාර්තු මාසයේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 2525 දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන්වේ.