ශ්‍රී ලංකා-බංගලාදේශ අවසන් තරඟය නොමිලේ නරඹන්න අවස්ථාවක්

ශ්‍රී ලංකා-බංගලාදේශ අවසන් තරඟය නොමිලේ නරඹන්න අවස්ථාවක්

March 19, 2017   07:38 am



සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අවසන් දිනය වන අද නොමිලේ තරඟය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව ලබාදී තිබේ.

කොළඹ පී.සරා ඕවල් ක්‍රිඩාංගණයේදී තරඟය පැවැත්වේ.

දෙරට අතර පැවැත්වෙන මෙම තරඟය කණ්ඩායම් දෙකටම තියුණු තරගයක් බවට පත්ව ඇති අතර අද(19) උදෑසන කාලයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දක්ෂතාවය මත තරඟයේ ජයග්‍රහණය තීරණය වනු ඇත.

ඊයේ (18)දිනය නිමාවට පත්වන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08ක් බිදවැටී ලකුණු 268ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 338ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 467ක් ලබාගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සඳහා කඩුලු 02ක් අතැතිව බංග්ලාදේශ කණ්ඩායමට වඩා ලකුණු 139ක් ඉදිරියෙන් පසු වෙයි.