ගිනි අවි ළඟ තබාගත් 2ක් අල්ලයි

ගිනි අවි ළඟ තබාගත් 2ක් අල්ලයි

February 28, 2017   09:09 am



ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ඌරුබොක්ක, බෙරලපනාතර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 ඌරුබොක්ක පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එහිදි සැකකරු සතුව තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක් පොලීසිය බාරයට ගෙන තිබේ.

 අත්අඩංගුවට ගත් සැකකරු 47 හැවිරිදි අයෙකු වන අතර ඔහු අද(28) මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 මේ අතර මෙරට නිෂ්පාදිත  ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ද මොරවැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි උප්පුවේලී  ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද(28) ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.