මධ්‍යම පළාතේ වෛද්‍ය වර්ජනයක්

මධ්‍යම පළාතේ වෛද්‍ය වර්ජනයක්

February 28, 2017   08:40 am



 මධ්‍යම පළාත තුළ අද(28) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ මධ්‍යම පළාතේ සියලු රෝහල්වල පැය 4ක කාලයක් අද(28) දිනයේ වැඩ වර්ජනයක නිරත වන බවය.

 සයිටම් ආයතනය සම්බන්ධයෙන් බලධාරින් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.